චීනය සහ යුරෝපය අතර දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යයි

2020-07-16 11:12:43
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මේ වසරේ මුල් මාස 6 තුළ චීනය සහ යුරෝපය අතර ධාවනය වූ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 5,122කට ළගා වී ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 36% ක වැඩිවීමක් බව චීන ජාතික දුම්රිය සමූහය වාර්තා කරයි.එපණක් නොව පසුගිය මාසයේ එම සංඛ්‍යාව 1,169 ක් වූ අතර එය නව වාර්තාවකි.පසුගිය මාස 6 තුළ එම දුම්රිය සේවා මගින් ටොන් 27000ක් බරැති වසංගත පාලන ද්‍රව්‍ය මිලියන 3.67 ක් ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඥ්ඥය, හංගේරියාව සහ නෙදර්ලන්තය යනාදී රටවලට ප්‍රවාහනය කෙරිණ. එම ද්‍රව්‍ය මෙම රටවල් හරහා තවත් යුරෝපීය රටවලට ද බෙදා හැර තිබේ.

නව කොරොනා වසංගතය අතරතුර “චීන-යුරෝපා දුම්රිය”සේවා සංඛ්‍යාව විශාල ලෙස වැඩි වීමෙන්, චීනය,යුරෝපය සහ ඊට අදාළ අනෙකුත් රටවල් අතර වසංගත-විරෝධී සහයෝගිතා ඵලදායී ලෙස ප්‍රවර්ධනය වී ඇතැයි, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුආ ඡුන් යිං මහත්මිය ඊයේ (15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නාය. වසංගතයට එරෙහිව පොදුවේ සටන් කිරීම සඳහා විවිධ රටවලට අවශ්‍ය "ජීවන මාර්ගයක්" සහ "දෛවෝපගත බැඳීමක්" එම දුම්රිය ධාවනය විසින් බිහි කර ඇති බව ද ඇය පැවසුවාය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති