Hua Wei සමාගමේ උපකරණ භාවිතය තහනම් කරන බවට බ්‍රිතාන්‍ය රජය කළ ප්‍රකාශය කෙරෙහි චීනයේ දැඩි අවධානය

2020-07-16 11:06:45
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ Hua Wei සමාගමේ උපකරණ භාවිතය තහනම් කරන බවට බ්‍රිතාන්‍ය රජය කළ ප්‍රකාශය කෙරෙහි චීනය දැඩි අවධානය යොමු කරයි.

සිය සන්නිවේදන මෙහෙයවන්නන් 5වැනි පරම්පරාවේ අන්තර්ජාල‍යට අදාළ ඕනෑ ම උපකරණයක් Hua Wei සමාගමෙන් මිළදී ගැනීම බ්‍රිතාන්‍යය විසින් මෙම වස‍ර අවසානයේ සිට තහනම් කරනු ඇතැයි වාර්තා වෙයි. මේ වන විටත් එරට භාවිතා කර ඇති Hua Wei සමාගමේ සියලු උපකරණ 2027 වසරට පෙර ඉවත් කෙරේ.

මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය ඊයේ(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ, බ්‍රිතාන්‍යයේ මෙම ක්‍රියාව, චීන ව්‍යවසායයන්ගේ යුක්ති සහගත ප්‍රතිලාභ වලට දැඩි හානි කිරීමක් බවයි. අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාස කරන පරිදි දෙරටේ සහයෝගිතා පදනමටද එය දැඩි බලපෑමක් එල්ල කර ඇත.

බ්‍රිතාන්‍යය, ඇමරිකාව අනුව යමින් කිසිදු සාක්ෂියකින් තොරව, චීන ව්‍යවසායයන් වලට එරෙහිව වෙනස් ලෙස සැලකීම, පීඩා කිරීම හා නොසලකා හැරීම සිදු කර ඇති බව Hua මහත්මිය සඳහන් කරයි. බ්‍රිතාන්‍යය, කිසිදු වන්දියක් නොතකා ව්‍යාපාරික හා තාක්ෂණික ගැටළු දැඩි ලෙස දේශපාලනීකරණය කර තිබේ. චීනය බ්‍රිතාන්‍යයේ සිදු කරන ආයෝජනයන්හි ආරක්ෂාවට වඩාත් පැහැදිලි තර්ජනයක් එල්ල වී ඇති බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව කියා සිටී.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති