තායිවානයට ආයුධ අලෙවි කිරීම වහා නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී

2020-07-16 09:34:11
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

තායිවානයට ආයුධ අලෙවි කිරීම වහා නතර කරන ලෙස චීන හමුදාව ඇමරිකාවෙන් දැඩි ලෙස ඉල්ලා සිටී

ඇමරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව ආරක්ෂක සහයෝගිතා ඒජන්සිය ජූලි 9 වන දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඩොලර් මිලියන 620ක් වටිනා “දේශප්‍රේමී -3” මිසයිල තායිවානයට විකිණීම නැවත සහතික කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී ඇති බවයි.

මේ පිළිබඳව චීනය දැඩි විරෝධය හා දැඩි අප්‍රසාදය පළ කරන බව චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක වු ජියැන් මහතා 15 වන දින පැවසීය. ඇමරිකානු පාර්ශවය විසින් තායිවානයට අවි අලෙවි කිරීම වහා නතර කරන ලෙස චීනය දැඩි ලෙස ඉල්ලා සිටී. තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසකි. තායිවානය මව්බිමෙන් වෙන් කිරීමට චීනය කිසි විටෙකත් කිසිම සංවිධානයකට හෝ කිසිදු රටකට ඉඩ නොදෙයි. ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීමට සහ තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථාවරත්වය ස්ථිර ලෙස ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග චීන හමුදාව විසින් ගනු ඇතැයි වු ජියැන් ප්‍රකාශකයා අවධාරණය කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති