චීන ජනාධිපතිවරයා ගේ කාර්යබහුල “අන්තර්ජාල රාජ්‍ය තාන්ත්‍රිකභාවය”අස්ථීර හා අවිනිශ්චිත ලොව සංවර්ධනයට චීන විශ්වාසය ගෙන දෙයි

2020-07-15 14:36:58
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව කොරොනා නියුමෝනියා වසංගතයේ බලපෑම යටතේ ලෝකයේ ප්‍රබල වෙනස්කම් සිදු වෙමින් පවතින අතර සමස්ත ලෝකය වඩාත් අස්ථීර හා අවිනිශ්චිත සාධකවලට මුහුණ දෙමින් සිටී.

විශාල වෙනස්කම් ඇති එවැනි යුගයක චීනයේ "ස්ථායීකාරක" භූමිකාව වඩාත් කැපී පෙනේ. 2020 මුල් භාගයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජී20 කණ්ඩායමේ නායකයන්‍ ගේ විශේෂ සමුළුව, 73 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භක උත්සවය සහ චීන-අප්‍රිකා සහයෝගිතා විශේෂ නායක සමුළුව යන වැදගත් ජාත්‍යන්තර සමුළු තුනකට වීඩියෝ ක්‍රමයෙන් සහභාගි වෙමින් දේශන ඉදිරිපත් කළේය. එමෙන්ම හෙතෙම දේශීය හා විදේශීය පුද්ගලයින්ට ලිපි හා පිළිතුරු ලිපි 20 කට වැඩි ප්‍රමාණයක් යැවීය. වසංගත වැළැක්වීම සහ පාලනය වැනි මාතෘකා පිළිබඳව ඔහු විදේශීය නායකයන් සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සමඟ දුරකථන සංවාද 60 ක් පැවැත්වීය. ජනාධිපති ෂී ජින් පිං මහතා අන්තර්ජාල හරහා පැවැත්වූ ජාත්‍යන්තර හුවමාරු ක්‍රියාකාරකම් නව යුගයේ විශාල රටක් ලෙස චීනයේ වගකීම ඉස්මතු කර තිබේ.

විවිධ පාර්ශ්වයන් සමඟ වසංගත විරෝධී අත්දැකීම් හුවමාරු කර ගැනීම, ලෝක ආර්ථිකය නංවාලීම සඳහා සමගිය හා සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටීම සහ මානව සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම යනාදිය “ අන්තර්ජාල රාජ්‍ය තාන්ත්‍රිකභාවය”මගින් ෂී ජින් පිං මහතා සිදු කළේය. චීන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ චීනය, ගෝලීය වසංගය මැඩපැවැත්වීමේ සහ ලෝක ස්ථාවරත්වය හා සංවර්ධනය ආරක්ෂා කිරීමේ වැදගත් බලවේගයක් බවට පත් ව තිබේ.

2020 වසර අසාමාන්‍ය වසරක් වීමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ කාර්යබහුල “අන්තර්ජාල රාජ්‍ය තාන්ත්‍රිකභාවය”අස්ථීර හා අවිනිශ්චිත ලොව සංවර්ධනයට චීන විශ්වාසය හා චීන බලය ලබා දී තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති