චීන ජනාධිපතිවරයා හා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දුරකථන සංවාදයක

2020-07-15 13:06:55
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, තායිලන්ත අග්‍රාමාත්‍ය Prayuth Chan-ocha මහතා සමග දුරකථන සංවාදයක නිරත වෙයි.

ඊයේ(14) සිදු කළ එම සංවාදයේ දී ෂී ජින් පිං මහතා පැවසුවේ, කොරොනා වසංගතය හට ගැනීමෙන් පසු, චීනය හා තායිලන්තය අන්‍යෝන්‍ය වශයෙන් සහාය ලබා දී ඇති බවයි. ඊට අදාල අත්දැකීම් තායිලන්තය සමග, හුවමාරු කර ගැනීමට චීනය කැමැත්තෙන් සිටී. වසංගත පාලන කටයුතු සාමාන්‍ය පරිදි නිසියාකාරයෙන් සිදු කිරීම යටතේ, නිෂ්පාදනය ක්‍රමිකව හා ආරක්ෂිතව යළි ආරම්භ කිරීමට තායිලන්තය සමග එක්ව උත්සාහ දැරීමටත්, චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා කියා සිටී.

චීනය ඉදිරිපත් කළ ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙල, ‘ තායිලන්තයේ 4.0 ’, තායිලන්තයේ ‘ නැගෙනහිර ප්‍රදේශයේ ආර්ථික කොරිඩෝව ’ ඇතුළු සංවර්ධන උපාය මාර්ග සමග සම්බන්ධ කිරීම දෙරට විසින් ම තහවුරු කළ යුතු බව, ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය. ඊ-වාණිජ්‍ය ඇතුළු නවෝත්පාදන ක්ෂේත්‍ර වල සහයෝගිතාවය ඉදිරියට මෙහෙයවමින්, චීන-තායිලන්ත සම්පූර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩ ව නව තලයකට රැගෙන යා යුතු බව ද ෂී ජින් පිං මහතා සඳහන් කරයි.

තායිලන්ත අග්‍රාමාත්‍ය Prayuth Chan-ocha මහතා කියා සිටියේ, සාර්ථකත්වයක් ලබා ගන්නාවූ COVID-19 එන්නත පොදු ගෝලීය නිෂ්පාදිතයක් ලෙස යොදා ගන්නා බවට චීනය ලබා දුන් පොරොන්දුව තායිලන්තය අගය කරන බවයි. චීනය හා තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 45වැනි සංවත්සරය නිමිත්තෙන් දෙරටේ මිත්‍රත්වය හා සහයෝගිතාවය ශක්තිමත් කරමින්, ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙල පොදුවේ ඉදිරියට මෙහෙයැවීමට තායිලන්තය අපේක්ෂා කරයි.

එමෙන් ම, මේ වන විටත් දකුණු චීනයේ ප්‍රදේශ රැසක දී සිදු වී ඇති ගංවතුර හා ජලගැලීම් විපත් පිළිබඳව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එහිදී සංවේගය පළ කළේ ය. ඒ සම්බන්ධයෙන් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත ෂී ජින් පිං මහතා ස්තුතිය ප්‍රකාශ කර ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති