ඇමරිකාවේ ධන විෂමතාව දිගුකාලීන ව පවතිනු ඇතැයි, චීන මානව හිමිකම් පර්යේෂණ සංගමය පවසයි

2020-07-14 13:31:14
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


චීන මානව හිමිකම් පර්යේෂණ සංගමය " ධන විෂමතාව ඇමරිකාවේ මානව හිමිකම් ගැටළු උග්‍ර වීමට හේතු වී ඇත " යන මැයෙන් ලිපියක් පළ කරයි.

ඇමරිකාව බරපතලම ධන විෂමතාව පවතින සංවර්ධිත රට බවට පත් ව ඇතැයි, අද (14) පළ වූ එම ලිපිය පෙන්වා දෙයි. ඇමරිකාවේ ධනවත්ම පවුල්වල 0.1%ක ධනය, සමාජයේ පහළ ම මට්ටමේ පවුල්වල 90%ක ධනයට සමාන බව, අදාළ සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ. ඇමරිකාවේ ධන විෂමතාව, ජනතාව මානව හිමිකම් අනිසි ලෙස භුක්ති විඳීමට පමණක් නොව, ඒක පුද්ගල ආයු අපේක්ෂාව පහළ යාමට හා සිය දිවි නසා ගැනීමට ද හේතු වී තිබේ.

ඇමරිකාවේ ධනවතුන් හා දුප්පතුන් අතර විශාල පරතරයක් පැවතීම අහම්බෙන් හෝ වරින් වර සිදු වන දෙයක් නොවන බව, එම ලිපිය පවසයි. ඇමරිකාවේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පුරවැසියන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතීන් නොසලකා හරී. ධන විෂමතාව වෙනස් කිරීමට දේශපාලන කැමැත්තක් පළ නොවූ අතර ඇමරිකානු රජය අනුගමනය කරන ප්‍රතිපත්ති මගින් ධන විෂමතාව තවත් උග්‍ර වී ඇත. ඇමරිකානු රජය සැබවින්ම ධනවතුන්ගේ නියෝජිතයා බවට පත් ව සිටී. ධන විෂමතාව දිගුකාලීන ව ඇමරිකාවේ පවතිනු ඇතැයි, චීන මානව හිමිකම් පර්යේෂණ සංගමය පළ කළ එම ලිපිය පවසයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති