විශේෂඥයින් හා විද්වතුන් නව කොරොනා වසංගතය පාලනය කිරීමට වැදගත් දායකත්වයක් ලබා දුන් බව, චීන ජනාධිපතිවරයා පවසයි

2020-06-03 19:00:16
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

විශේෂඥයින් හා විද්වතුන් නව කොරොනා වසංගතය පාලනය කිරීමට වැදගත් දායකත්වයක් ලබා දුන් බව,චීන ජනාධිපතිවරයා පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ විශේෂඥයින් හා විද්වතුන් සමඟ ඊයේ(2) පැවති සාකච්ඡා සභාවකදීය. නව කොරොනා ‍වසංගතයට එරෙහිව සටන් කිරීමේදී, චීන විශේෂඥයෝ හා විද්වත්හු ඉහළ මට්ටමේ දේශපාලන වගකීම් දරමින් හා මෙහෙවර පිළිබඳ ඉහළ හැඟීමකින් සිය වෘත්තීය හැකියාව විදහා පෑහ. වසංගත තත්ත්වය පර්යේෂණය කිරීම,පාලන ප්‍රතිපත්ති යහපත් කිරීම,වෛද්‍ය ප්‍රතිකාර මෙහෙයුම්වලට උපදෙස් ලබා දීම,තාක්ෂණ පර්යේෂණ කඩිනම් කිරීම,නීති හා රෙගුලාසි සංශෝධනය කිරීම සහ ජාත්‍යන්තර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම යන ක්ෂේත්‍ර වලට ඔවුන් වැදගත් දායකත්වක් ලබා දී තිබෙන බව ෂී ජින්පිං මහතා පැවසීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් ෂී ජින්පිං මහතා ඔවුන්ට ස්තුතිය පළ කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති