චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ජාතික ආරක්ෂක නීතිය පිළිබඳ බ්‍රිතාන්‍යයේ ප්‍රකාශනවලට, චීනයේ විරෝධය

2020-06-03 18:51:37
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

බ්‍රිතාන්‍ය පාර්ශ්වය චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ජාතික ආරක්ෂක නීතිය පිළිබඳව හිතාමතා ප්‍රකාශන පළ කිරීම චීනයේ විරෝධයට ලක් වෙයි.

බ්‍රිතාන්‍යයේ එම ක්‍රියාව “එකම රටක් ක්‍රම දෙකක්” යන ප්‍රතිපත්තියට හානිකර බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා පවසයි. මේ පිළිබඳව චීනය බ්‍රිතාන්‍යයට ගාම්භීර ලෙස වි‍රෝධතාව ඉදිරිපත් කර ඇත. හොංකොං, මව්රටට ආපසු පැමිණ ඇති බවටත් එය චීනයේ විශේෂ පරිපාලන කලාපයක් බවටත් බ්‍රිතාන්‍යය පැහැදිලිව අවබෝධ කර ගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති