වු හැන් නුවර , රෝග ලක්ෂණ රහිත, කොරොනා ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයන්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් නැතැයි හෙළි වේ

2020-06-03 16:52:03
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ වු හැන් නුවරින් සොයා‍ ගෙන ඇති රෝග ලක්ෂණ රහිත, කොරොනා ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයන්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ ප්‍රමාණවත් හැකියාවක් නැතැයි පරීක්ෂණවලින් හෙළි වේ. පසුගිය මැයි මස 14වැනි දා සිට ජුනි මස පළමු දා දක්වා වු හැන් වැසියෝ ලක්ෂ 99කට ආසන්න සංඛ්‍යාවක් කොරොනා වෛරස පරීක්ෂණයට ලක් වූහ. එම පරීක්ෂණයේදී තහවුරු කරන ලද කිසිදු කොරොනා ආසාදිතයෙකු හමු නොවූ අතර රෝග ලක්ෂණ නැති ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයන් 300 දෙනෙකු සොයා ගෙන ඇත. මෙම පිරිසට වෛරසය සම්ප්‍රේෂණය වීමේ ප්‍රමාණවත් හැකියාවක් නැතැයි විවිධ පරීක්ෂණවලින් හෙළි වේ. ඔවුන් තුළ වෛරස වගා කිරීමෙන් පසුව, විද්‍යාඥයින් වෛරස් ජාන අනුපිළිවෙළ සකස් කර තිබේ. එම පිරිසගේ ශරීර තුළ වෛරස ඉතිරි වී ඇතත්,ඒවා අක්‍රීය වෛරස බවට පත් වී තිබෙන බව පරීක්ෂණ ප්‍රතිඵලයේ දැක්වේ. එබැවින් රෝග ලක්ෂණ රහිත කොරොන ආසාදිත බවට සැක කෙරෙන බො‍‍හෝ පුද්ගලයන්ගෙන් සෙසු අයට බෝ වීමේ අවදානමක් දක්නට නැතැයි චීන විද්‍යාඥයෝ පවසති.

ලක්ෂ 99කට ආසන්න පිරිසක් ඉලක්ක කර ගනිමින් වු හැන් නගරය සිදු කළ මෙම කොරොනා වෛරස පරීක්ෂණය, ලොව එවැනි ආකාරයේ ප්‍රථම පරීක්ෂණයයි. මෙය ගෝලීය කොරොනා වසංගත පාලනය සඳහා ආදර්ශවත් ක්‍රියාකාරකමක් බව විශේෂඥ මතය වී තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති