වසංගතය හමුවේ චීනය, ජනතාවගේ සෞඛ්‍ය හා ජීවිත ආරක්ෂාව ප්‍රමුඛ ස්ථානයක තබා ගෙන ඇතැයි, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි

2020-06-03 14:02:08
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

වසංගතය හමුවේ චීනය, ජනතාවගේ සෞඛ්‍ය හා ජීවිත ආරක්ෂාව ප්‍රමුඛ ස්ථානයක තබා ගෙන ඇතැයි, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ, විශේෂඥයින් හා විද්වතුන් සමග ඊයේ(2) පැවති සාකච්ඡා සභාවකදීය. වසංගත තත්ත්වයට මුහුණ දීමේදී, විශාල අලාභහානියක් සිදු විය හැකිව තිබුණද, ජනතාවගේ සෞඛ්‍ය හා ජීවිත ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් ආර්ථික සමාජ සංවර්ධනය අත්හිටුවීමට, චීනය ස්ථිර ලෙස තීරණය කළ බව හෙතෙම කියා සිටියේය. ඕනෑම කෙනෙකුගේ ජීවිතයට වටිනාකමක් ඇති අතර එය ආරක්ෂා කළ යුතුය. සියළු කටයුතු සිදු කළ යුත්තේ එම මූලධර්මය මත බව ඔහු පැවසීය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති