චීන ජනතාවගේ සෞඛ්‍ය රැක ගැනීම සඳහා බලවත් මහජන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගිය යුතු බව චීන ජනපති පවසයි

2020-06-03 10:18:02
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනතාවගේ සෞඛ්‍යය රැක ගැනීම සඳහා බලවත් මහජන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගිය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. හෙතෙම මේ බව අවධාරණය කළේ ඊයේ (2) විශේෂඥයින් හා විද්වතුන් සමග පැවති සාකච්ඡා සභාවේදී වැදගත් දේශනයක් කරමිනි.

චීනය පූර්ව අධීක්ෂණ හා අනතුරු ඇඟවීමේ හැකියාව ශක්තිමත් කිරීම එවැනි පද්ධතියක් වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛස්ථානයක් බවට පත් කරමින් වසංගතය සහ මහජන සෞඛ්‍ය හදිසි සිද්ධි අධීක්ෂණ පද්ධතිය පරිසමාප්ත කළ යුතු බව ෂී ජින්පින් පෙන්වා දුන්නේය.

වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ නීතිය සහ මහජන සෞඛ්‍ය හදිසි සිද්ධිවලට ප්‍රතිචාර දැක්වීමේ නීතිය ඇතුළු නීති රෙගුලාසි සංශෝධනය හා සකස් කිරීමේ කටයුතු චීනය අඛණ්ඩව සිදු කරනු ඇති බව හෙතෙම අවධාරණය කළේය. එමෙන් ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විද්‍යා හා තාක්‍ෂණ ආයෝජන වැඩි කරමින් කෙන්ද්‍රීය තාක්‍ෂණයන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව,චීනය සිය ජාත්‍යන්තර වගකීම් සහ විශාලතම වසංගත විරෝධී ද්‍රව්‍ය සැපයුම් රටක කාර්යභාරය අඛණ්ඩව ඉටු කරමින්, මානව සෞඛ්‍ය පොදු ප්‍රජාවක් ගොඩනැගීමට සූදානමින් සිටින බවත් ෂී ජින් පිං මහතා කියා සිටියේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති