වුහාන් නගරයේ මිලියන 10කට ආසන්න පිරිසක් කොරොනා වෛරස පරීක්ෂාවට

2020-06-02 19:51:40
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මැයි 14 දින සිට ජුනි 1 දින දක්වා කාලය තුළ මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයේ පුද්ගලයින් 9,899,828 දෙනෙකු නව කොරොනා වෛරස පරීක්ෂාවට ලක් කර තිබේ.මෙම ක්‍රියාවලියේදී තහවුරු කරන ලද COVID-19 රෝගීන් කිසිවෙකු හමු නොවූ බව, Huazhong විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ Tongji වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය Lu Zuxun මහතා පැවසීය. අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය විය.

මේ අතර, රෝග ලක්ෂණ රහිත,ආසාදිත බවට සැක කෙරෙන 300 දෙනෙකු හා ඔවුන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ 1,174 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත. එම දෙවන කණ්ඩායමේ සියලු දෙනාගේ ආසාදන තත්වය ඍණාත්මක බව පරීක්ෂණාත්මකව තහවුරු වී ඇතැයි, මහාචාර්ය Lu Zuxun මහතා කියා සිටී.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති