හොංකොං පිළිබඳ චීන රජයේ සහ ජනතාවගේ අධිෂ්ඨානය නොනැමෙනසුළු, අත් නොහරින්නක් බව යළි තහවුරු කෙරේ

2020-06-02 14:05:52
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

පසුගිය දා සී ජී ටී එන් සිය දෙස්-විදෙස් සමාජ වේදිකා මගින් “හොංකොං හි වික්‍රමාන්විතයන්” නමැති කාටූනයක් නිකුත් කළේය. එය ඉතා ජනප්‍රිය වෙමින් පවතී.

මෙම කාටූනය මගින් පැහැදිලි වනුයේ:

පුරාණ කාලයේ සිටම හොංකොං චීනයේ භූමි ප්‍රදේශයකි. වසර 100 කට වැඩි කාලයක් තුළ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් අල්ලාගෙන සිටි හොංකොං වසර 1997 ජූලි 1 වන දින නැවත සිය මව්බිමට පැමිණියේය. එබැවින් හොංකොං විශේෂ පරිපාලන කලාපය චීන මහජන සමූහාණ්ඩුවේ වෙන් කළ නොහැකි කොටසකි.

පසුගිය වසරේ ජුනි මාසයේ සිට මාස කිහිපයක් පුරා පැවති “සංශෝධන කුණාටුවක්” හොංකොං ආක්‍රමණය කළේය. ඇතැම් රැඩිකල් ප්‍රචණ්ඩකාරී පුද්ගලයින් සමාජ පිළිවෙල කඩාකප්පල් කරමින්, ජනතාවගේ ආරක්ෂාවටත්, එහි ආර්ථිකයටත්, ජනජීවිතයටත් දැඩි ලෙස හානි කර තිබේ.

පසුගිය 28 වන දින, ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නීති පද්ධතිය සහ ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීම හා වැඩිදියුණු කිරීම පිළිබඳ චීන ජාතික මහජන කොංග්‍රසයේ තීරණය 13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වන සැසිවාරය විසින් සම්මත කෙරිණ. ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව, සංවර්ධන අවශ්‍යතා සහ ජාතික සමගිය ආරක්ෂා කිරීම සඳහා චීන රජය සහ සියලු චීන ජනතාවගේ පවතින අභිමතය හා අධිෂ්ඨානය නොනැමෙනසුළු, අත් නොහරින්නක් බව එම තීරණයෙන් පැහැදිලි වේ.

චීන ජාතික සුරක්ෂිතතාව යනු හොංකොං වැසියන්ගේ සුභසෙත හා යහපැවැත්ම ආරක්ෂා කිරීමයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති