දේශීය හා අන්තර්ජාතික අන්‍යෝන්‍ය වර්ධන ක්‍රමවේදය, චීන සංවර්ධනයට නව ක්‍රමවේදයක්--- චීන විශේෂඥයෝ

2020-06-02 11:34:37
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

දේශීය හා අන්තර් ජාතික අන්‍යෝන්‍ය ප්‍රවර්ධන ක්‍රමවේදය, චීන සංවර්ධනයට නව ක්‍රමවේදයක් බව චීන විශේෂඥයෝ පවසති.

චීන ජාත්‍යන්තර ආර්ථික හුවමාරු මධ්‍යස්ථානය ඊයේ(01) අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක් සංවිධාන ක‍ළේ ය. වර්තමානයේ, ලෝක ආර්ථිකය දැඩි ලෙස පහළට ගොස් ඇති බව චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ආර්ථික කමිටු නියෝජ්‍ය අධ්‍යක්ෂ Yang Weimin මහතාඊට එක් වෙමින් පැවසීය.

ජාත්‍යන්තර වෙළඳාම හා ආයෝජනය ද විශාල වශයෙන් පසුබැස තිබේ. ඉදිරියේ දී චීන ආර්ථිකය අස්ථාවර හා අස්ථිර ලෝකය තුළ ගමන් කරනු ඇත. මෙවන් තත්ත්වය හමුවේ, දේශීය වශයෙන් හා අන්තර්ජාතික වශයෙන් අන්‍යෝන්‍ය ප්‍රවර්ධන ක්‍රමවේදය, චීන ආර්ථිකයේ ඉදිරි වර්ධන ක්‍රමවේදයක් බවට පත් වනු ඇති බව Yang Weimin මහතා සඳහන් කරයි.

රැකියා නියුක්තිය ස්ථාවර කිරීම හා ජීවන තත්ත්වයන් ආරක්ෂා කිරීම මගින් පමණක් පරිභෝජනය ආර්ථික වර්ධනයට ඉටු කරන මූලික කාර්යභාරයන් වැඩි කළ හැකි බව චීන මහජන දේශපාලන උපදේශක සභාවේ සාමාජිකයෙක් වන Wang Yiming මහතා පෙන්වා දී තිබේ.

චීන ආර්ථිකය දිගු කාලීන වශයෙන් යහපත් අතට හැරීමේ ප්‍රවණතාව වෙනස් නොවන බව විශේෂඥයෝ පවසති. ඒ මීට පෙර චීන ආර්ථිකය සතුව පදනමක් පවතින බැවිනි. ඒ අනුව, චීනය, පූර්ණ සුවදායක සමාජයක් ගොඩ නැගීමේ ඉලක්කය අනිවාර්යයෙන් ම සැබෑ කළ හැකි වෙතැයි විශේෂඥයන්ගේ පොදු අදහස වී තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති