චීනය නව කොරොනා වසංගතයට අසාර්ථකව මුහුණ දීම හේතුවෙන් ලෝකයට අසීරුතාවන් විඳින්න වූ බවට ඇමරිකාව නගන චෝදනා චීන විදේශ අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි

2020-06-01 20:07:37
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනය නව කොරොනා වසංගතයට අසාර්ථකව මුහුණ දීම හේතුවෙන් ලෝකයට අසීරුතාවන් විඳින්න වූ බවට ඇමරිකාව නගන චෝදනා චීන විදේශ අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි.

පසුගිය 29 වනදා පැවති මාධ්‍ය හමුවකදීඇමරිකානු ජනාධිපතිවරයා චීනයට එරෙහිව යළි චෝදනා නැගීය. නව කොරොනා වසංගතයට චීනය අසාර්ථකව මුහුණ දීම හේතුවෙන් මුළු ලෝකයම වේදනාවට ලක් වූබව හෙතෙම එහිදීපැවසීය.මේ සම්බන්ධයෙන්,චීන විදේශඅමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා අද(01)කියා සිටියේ,නව කොරොනා වසංගතයට මුහුණ දීමේ දත්ත අනුව, අසාර්ථකවී ඇත්තේ චීනය ද ඇමරිකාව ද යන්න පැහැදිලි කළ හැකි බවයි. මේ වනවිට ඇමරිකාවේ නව කොරොනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 1.8ක වන අතර මරණ සංඛ්‍යාව ලක්ෂයකි. ඇමරිකාවේ වසංගතය පැතිර යන තත්ත්වය තවමත් බරපතලය. සිය වගකීම් චීනයට පැවරීම මගින් වසංගතය පාලනය නොහැකි බවත්, ආසාදිතයන් මුදා ගත නොහැකි බවත්, Zhao Lijian මහතා එහිදී ප්‍රකාශ කළේය. කොරොනා වෛරසය දෙශ්පාලනීකරණය කිරීම හා ලේබල ඇලවීමට උත්සාහ දැරූ ඇමරිකානු දේශපාලනඥයින් සිය උත්සාහය තම රටේ වසංගතය පාලන කටයුතු වලට යොමු කළ යුතු බවද Zhao Lijian මහතා පැවසීය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති