2020 වසරේ ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක සැබෑ කළ යුතු බව චීන අගමැති කියයි

2020-05-30 18:20:43
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


2020 වසරේ ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක සැබෑ කළ යුතු බව චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා අවධාරණය කරයි. චීන රාජ්‍ය මණ්ඩලය ඊයේ (29) පැවැත්වූ විධායක රැස්වීමේ මුලසුන දරමින්, 28වැනි දා අවසන් වූ 13වන ජාතික මහජන කොංග්‍රසයේ 3වන සැසිය සම්මත කළ රාජ්‍ය කාර්ය වාර්තාව ක්‍රියාවට නැංවිය ගත යුතු බව ලි ක ච්‍යං මහතා පෙන්වා දුන්නේ ය. ජනතාවගේ අභිප්‍රායන් හා සමාජයේ විවිධ ක්ෂේත්‍රවල එකඟතාවට අනුව එම රාජ්‍ය කාර්ය වාර්තාව 2020 වසරේ චීන ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක හා ප්‍රධාන කටයුතු නියම කර තිබේ. රාජ්‍ය කාර්ය වාර්තාවෙන් නියම කරනු ලැබූ ක්ෂේත්‍ර 45කට අදාළ ප්‍රධාන කටයුතු 51ක් චීන රාජ්‍ය මණ්ඩලයේ විවිධ දෙපාර්තමේන්තුවලට යොමු කර ඇත. ව්‍යවසායන්ගේ පීඩනය ලිහිල් කිරීම හා වෙළඳපලේ ජවය උත්තේජනය කිරීම සඳහා නිසි සහනාධාර පියවර ගන්නා ලෙස චීන අග්‍රාමාත්‍යවරයා එහිදී විවිධ මට්ටමේ රජයන්ගෙන් ඉල්ලීමක් කළේ ය. මූල්‍ය සහනාධාර බිම් මට්ටමින් ඵලදායී ලෙස ලබා දීම සහතික කිරීම වෙනුවෙන් විශේෂ යාන්ත්‍රණයක් ස්ථාපිත කරනු ඇත. චීනය වෙ‍ළඳපල මූලිකකර ගත් නීත්‍යානුකූල හා ගෝලීය ප්‍රමිතීන්ට ගැ‍ලපෙන ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කරමින් සාධාරණ තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම, රජයේ ප්‍රමුඛ කාර්යයක් බව චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති