සිවිල් නීති සංග්‍රහය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කළ යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි

2020-05-30 16:40:19
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

අලුතින් සම්මත කරගත් සිවිල් නීති සංග්‍රහය ක්‍රියාත්මක කිරීමෙහි වැදගත්කම පූර්ණ ලෙස පිළිගැනීම සහ එය වඩා හොඳින් ආරක්ෂා කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. නීතියට අනුව ජනතාවගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අභිලාෂයන් වෙනුවෙන් මනා ආරක්ෂාවක් ලබා දිය යුතුය.

සිවිල් නීති සංග්‍රහය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ චීන කොමියුනිස්‍‍ට් පක්ෂය මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ අධ්‍ය්‍යන කණ්ඩායම් සැසියේ මුලසුන දරමින් චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රටේ නීතිය පදනම් කරගත් පාලනය වඩා හොඳින් ඉදිරියට ගෙනයාම සහ නීතියේ පාලනය මත පදනම් වූ සමාජවාදී රටක් ගොඩනැගීම සහ ජනතාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වඩා හොඳින් ආරක්ෂා කිරීම සඳහා සිවිල් නීති සංග්‍රහය ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සමස්ත පක්ෂය විසින් සිදු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

පුද්ගලික අයිතිවාසිකම් සහ දේපළ අයිතිවාසිකම් ඇතුළු මහජනයා භුක්ති විඳින නීත්‍යානුකූල සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය නොකර සිවිල් නීති සංග්‍රහයේ අදාළ කොන්දේසි පක්ෂය හා සියළු මට්ටමේ පාලන ආයතනයන් විසින් ක්‍රියාත්මක කළ යුතු බවද චීන ජනාධිපතිවරයා පැවසීය.

සිවිල් නීති සංග්‍රහයට අදාළ නීති හා රෙගුලාසි ආයතනික වශයෙන් ගොඩනැගීම අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු විසින් වේගවත් කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති