වසරේ චීනයට දරිද්‍රතාවය තුරන් කිරීමේ කාර්යය අවසන් කළ හැකි බවට විශ්වාසය පළ වෙයි

2020-05-28 20:09:33
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මේ වසරේ චීනයට දරිද්‍රතාවය තුරන් කිරීමේ කාර්යය අවසන් කළ හැකි බවට චීන අග්‍රාමාත්‍ය ලි කං ච්‍යං මහතා විශ්වාසය පළ කරයි.

ඒ සඳහා රජය විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් අන්ත දිළිඳු ජනතාව දිළිඳුකමින් මුදා ගනු ඇතැයි හෙතෙම අද (28) චීනයේ උත්තරීතර බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිය අවසන් වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. කොරොනා වසංගත තත්ත්වය හමුවේ දිළිඳු ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම ඉතා වැදගත් ය. විවිධ මට්ටම්වල රජයන් මහ ජනතාවගේ යහපත කේන්ද්‍ර කර ගනිමින් සහන පියවර ගත යුතු බව හෙතෙම පෙන්වා දුන්නේ ය. කොරොනා ‍වසංගතය හේතුවෙන් දුෂ්කරතාවන්ට පත් ව සිටින පිරිස සඳහා වන සහනාධාර අරමුදල් රජයට හිඟ නොවන බව චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති