මේ වසරේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය සඳහා සංඛ්‍යාත්මක ඉලක්කයක් නියම නොකරන බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි

2020-05-28 19:41:10
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


කොරොනා වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය සඳහා සංඛ්‍යාත්මක ඉලක්කයක් නියම නොකරන බව චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ චීනයේ උත්තරීතර බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිය අද (28) බෙයිජිං හි අවසන් වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ය. කොරොනා වසංගතයෙන් ලෝක ආර්ථිකයට පෙර නොවූ විරූ අහිතකර බලපෑම් එල්ල වී තිබේ. එය චීන ආර්ථිකයට ද විශාල වශයෙන් බල පා ඇත. මෙවන් තත්ත්වය යටතේ චීනය රැකියා නියුක්තිය, මූලික ජනතා අවශ්‍යතා සහ වෙළඳ පොල සහතික කිරීමේ කාර්යයන් සිදු කරන අතර දළ දේශීය නිෂ්පාදිත වර්ධනය සඳහා සංඛ්‍යාත්මක ඉලක්කයක් නියම කර නැතැයි ලි ක ච්‍යං මහතා කියා සිටී. එමගින් චීන ආර්ථිකය වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව වර්ධනය වීමට ද චීන ජනතාවට ආර්ථික වර්ධනය වඩාත් සෘජු ලෙස අත් දැකීමට ද ඉඩ සැලසෙන බව චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති