ජාතික ආරක්ෂණ නීති මගින් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස හොංකොංහි තත්ත්වය තහවුරු වෙයි--- හොංකොං ව්‍යාපාරික ප්‍රජාව

2020-05-28 15:15:58
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නීති පද්ධතිය හා එය බලාත්මක කිරීමේ යාන්ත්‍රණය ස්ථාපිත කොට පරිසමාප්ත කිරීමට හොංකොං ව්‍යාපාරික ප්‍රජාව සහයෝගය පළ කරති.

හොංකොං හා සම්බන්ධ ආරක්ෂණ නීති මගින් හොංකොං පිළිබඳ චීන මධ්‍යම රජයේ කනස්සල්ල සමනය කළ හැකි අතර දිගුකාලීන ස්ථාවර සංවර්ධනයට ධනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව හොංකොංහි CK Hutchison Holdings Limited සමූහයේ ජ්‍යෙෂ්ඨ උපදේශක Li Ka-shing මහතා ඊයේ (27) මාධ්‍ය අමතමින් පැවසීය. විශේෂ පරිපාලන කලාපීය රජය, "එක් රටක් ක්‍රම දෙකක්" යන ප්‍රතිපත්තිය කෙරෙහි හොංකොං පුරවැසියන්ගේ විශ්වාසය තහවුරු කළ යුතු අතර ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය ශක්තිමත් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

චීන ජාතික ආරක්ෂාව සහතික කොට හොංකොං හි සමෘද්ධිය සහ ස්ථාවරත්වය පවත්වා ගෙන විශේෂ පරිපාලන කලාපයේ දිගුකාලීන සංවර්ධනය ප්‍රවර්ධනය කළ හැකි සියලුම නීති සහ ප්‍රතිපත්ති වලට අනුබල දෙන බව New World Development සමාගමේ සභාපති Henry Cheng මහතා පැවසීය.

ජාතික ආරක්ෂණ නීති මගින් හොංකොං හි ස්ථාවර හා විධිමත් ආයෝජන, වාණිජ හා සමාජ පරිසරයක් නිර්මාණය කිරීමටත්, සාමාන්‍ය පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස හොංකොංහි තත්ත්වය තහවුරු කිරීමටත් හැකි බව SunnyWorld සමූහයේ සභාපති Guo Binlian මහතා පෙන්වා දුන්නේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති