හොංකොං ආරක්ෂණ නීතිය හොංකොං වෙත නව බලාපොරොත්තු ලබා දෙයි

2020-05-27 15:55:55
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරයේ දී හොංකොං ආරක්ෂණ නීති කෙටුම්පත පරීක්ෂා හා සාකච්ඡා කර තිබේ. එම නීතියට හොංකොං හී පුළුල් සහයෝගය පළවී ඇති අතර එය හොංකොං හී සංවර්ධනය වෙත නව බලාපොරොත්තු යළි ගෙන දෙනු ඇතැයි විශ්වාස කෙරේ.

පසුගිය වසරේ හොංකොං උදර්පණ නීතිය සංශෝධනය කරනු ලැබීම හේතුවෙන්, හොංකොං හී ප්‍රචණ්ඩකාරී ක්‍රියා රැසක් සිදු වූ අතර එහි බලාපොරොත්තු රහිත බවක් මතු වී ඇත. හොංකොං චීනයෙන් වෙන් කිරීමට උත්සාහ දරන පුද්ගලයින් සුළු පිරිසක් හා හොංකොං විශේෂ පරිපාලන කලාපයට බාධා කරන්නෝ ඇමරිකාව ඇතුළු බටහිර රටවල දේශපාලනඥයින්ගේ උසිගැන්වීම් මත, හොංකොං සමග නැසීයාමට තැත් කළහ.

කෙසේවෙතත්, සුසංගත බව හා ස්ථාවරත්වය, හොකොං සමාජයේ දැඩි අභිලාෂයයි. ජාතික මට්ටමෙන් හොංකොං ආරක්ෂණ ‍නීතිය සම්පාදනය කිරීම, හොංකොං හා චීනයේ මූලික ප්‍රතිලාභයන්ට අනුකූල වෙයි. හොංකොං ජනතාවගේ නීත්‍යානුකූල අයිතිය හා නිදහස ආරක්ෂා කිරීමට ද එය ඉවහල් වෙයි. එබැවින්, එය හොංකොං සමාජයේ පුළුල් පිළි ගැනීමට ලක් වී ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති