“එක් රටක් ක්‍රම දෙකක්” ප්‍රතිපත්තිය ස්ථිරව අනුගමනය කරන බව චීනය පවසයි

2020-05-27 10:36:17
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

“එක් රටක් ක්‍රම දෙකක්”යන ප්‍රතිපත්තිය චීන රජය ස්ථීර ව අනුගමන කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන ‍විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා ඊයේ(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ ය. චීන ජාතික මහජන කොංග්‍රසය හොංකොං ආරක්ෂණ නීති කෙටුම්පත සම්පාදනය කිරීමෙන් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මූලික නීතිය උල්ලංඝනය කර ඇති බව ඇතැම් ‍හොංකොං නීතිඥ කණ්ඩායම් ප්‍රකාශ කර ඇත. ඒ පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් Zhao Lijian මහතා ප්‍රකාශ කළේ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති Wang Chen මහතා අදාළ කෙටුම්පත සම්පාදනය කිරීම පිළිබඳව පැහැදිලි කළ බවයි. එමෙන්ම චීන රාජ්‍ය මණ්ඩලයේ හොංකොං හා මැකෞ කටයුතු කාර්යාලය, චීන මධ්‍යම රජයේ හොංකොං විශේෂ පරිපාලන කලාපය සම්බන්ධ කාර්යාලය සහ චීන විදේශ අමාත්‍යංශය යන ආයතන අදාළ පිළිබඳව පැහැදිලි කර ඇත.

“එක් රටක ක්‍රම දෙකක්” යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ස්ථීර ව අනුගමනය කිරීමේ චීන අධිෂ්ඨානය වෙනස් නොවේ. රටේ ස්වාධිපත්‍යය,ආරක්ෂාව හා සංවර්ධන ජයග්‍රහණ සුරක්ෂිත කරමින් ඕනෑම බාහිර බලවේගයන් හොංකොංහි කටයුතු වලට මැදිහත් වීමට දරන උත්සාහයන්ට චීනය ඉඩ නොදෙන බවද චීන ‍විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා සඳහන් කළේ ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති