හමුදා සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපතිවරයා පවසයි

2020-05-26 20:21:45
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


කොරොනා වසංගත පාලනය විධිමත් කරමින් හමුදා සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසියට එක් ව සිටින චීන හමුදා හා සන්නද්ධ පොලිස් බලකා නියෝජිතයෝ අද (26) සවස පූර්ණ රැස්වීමක් පැවැත්වූහ. ෂී ජින් පිං මහතා එම අවස්ථාවට එක් වෙමින් චීන හමුදා සංවර්ධනය පිළිබඳ උපදෙස් දුන්නේ ය. චීන හමුදා මධ්‍යම රජයේ නියෝගය අකුරටම අනුගමනය කරමින් කොරොනා වසංගත පාලනය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කර ඇතැයි අගය කළ හෙතෙම එහිදී කියා සිටියේ ඉදිරියේදී කොරොනා වසංගත පාලනය විධිමත් කිරීමට චීන හමුදා අඛණ්ඩ සහය ලබා දෙමින් හමුදා සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බවයි.

චීන හමුදා සංවර්ධනය සඳහා වන 13වැනි පස්අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කර එය මේ වසරේ අවසන් වනු ඇත. ඒ අනුව නියමිත ඉලක්ක සැබෑ කරමින් හමුදාවේ උපාය මාර්ගික සංවර්ධනය තවදුරටත් ඉහළ නංවාලීමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. කොරොනා වසංගතය ලෝකයට පමණක් නොව චීනයේ ආරක්ෂාවට හා සංවර්ධනයට ද ගැඹුරු ලෙස බලපාමින් තිබේ. මෙවන් පසුබිම යටතේ චීන හමුදා සිය හැකියා මට්ටම වඩාත් ඉදිරියට ගෙන යමින් 2020 වසරේ ජාතිකාරක්ෂක හා හමුදා සංවර්ධන ඉලක්ක සැබෑ කර ගත යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති