විදේශ වෙළඳාම සහ විදේශ ප්‍රාග්ධන පදනම ස්ථාවර කිරීම සඳහා චීනය විවිධ පියවර ගන්නා බවට, වාණිජ අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

2020-05-26 11:32:54
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

විදේශ වෙළඳාම සහ විදේශ ප්‍රාග්ධන පදනම ස්ථාවර කිරීම සඳහා චීනය විවිධ පියවර ගන්නා බව, වාණිජ අමාත්‍යවරයා පවසයි.

මැයි 25 වන දින, 13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වන සැසියේ, ඇමතිවරුන් සමග පැවති 2වැනි මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවට එක් වෙමින් වාණිජ අමාත්‍ය ෂොං ෂාන් පැවසුවේ, විදේශ වෙළඳාමේ හා විදේශ ප්‍රාග්ධනයේ මූලික මට්ටම ස්ථාවර කිරීම ඉතා වැදගත් බවයි.

විදේශ වෙළඳාමේ සමස්ත ප්‍රධාන අංග ස්ථාවර විය හැකි තාක් කල්, චීනයේ විදේශ වෙළඳාම ස්ථාවර හා දියුණු වීමට හැකි වනු ඇතැයි වාණිජ අමාත්‍යවරයා පැවසීය.

ඇමතිවරයා පෙන්වා දුන්නේ, විදේශ ආයෝජන වැඩි කිරීම පුළුල් කළ යුතු බවයි. මේ සඳහා තවදුරටත් විවෘත කිරීම සහ වෙළඳපොළ ප්‍රවේශය ලිහිල් කිරීම අවශ්‍ය වේ. විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට, සාධාරණ හා විනිවිදභාවය සහිත ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කරමින් විදේශීය ආයෝජකයින්ගේ අයිතිවාසිකම්, අවශ්‍යතා සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ද පියවර ගන්නා බව ප්‍රකාශ කෙරේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති