අද දිනයේ චීනයේ රට පුරා ශෝකය පළ කිරීමේ ක්‍රියාකාරකම්

2020-04-04 11:25:07
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

අප්‍රේල් මස හතර වැනිදා චීනයේ ‘ඡිංමිං’උත්සවය සැමරේ. මේ දිනයේ චීන ජාතිකයෝ මුතුන් මිත්තන් වෙනුවෙන් පුද පූජා කරමින්, රට වෙනුවෙන් දිවි පිදූ වීරයින් සිහිපත් කරමින් ඔවුන්ගේ ජීවිත කතා අධ්‍යයනය කොට ගෙන ස්වයං දිරිගැන්වීම් සිදු කරති.

පෙරවරුවේ 10ට ගුවන් ආරක්ෂක අනතුරු ඇඟවීමේ නළා හඬ නැගිණ. ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ නව කොරොනා නියුමෝනියා වසංගතයෙන් මිය ගිය දේශප්‍රේමී වීරයින් හා වසංගතයෙන් මිය ගිය ස්වදේශිකයින් වෙනුවෙන් මිනිත්තු තුනක නිශ්ශබ්දතාවක් පැවැත්වූහ.

නව කොරොනා නියුමෝනියා වසංගතය, නව චීනය පිහිටුවීමෙන් පසු චීනයේ සිදු වූ වේගවත්ම පැතිරීම, විශාලතම බලපෑම හා අධිකතම දුෂ්කරතා සහිත හදිසි බැරෑරුම් පොදු සනීපාරක්ෂක සිද්ධියයි. තුන් වනදා වන විට, චීන දේශය තුළ එම වසංගතයෙන් මිය ගිය සංඛ්‍යාව 3335කි. (හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 4ක්, තායිවාන ප්‍රදේශයේ 5ක් ඊට ඇතුළත්ය.)

අද දිනයේ චීනයේ රට පුරා ශෝකය පළ කිරීමේ ක්‍රියාකාරකම් පැවැත්විණ. චීනය පුරා සහ විදේශයන්හි පිහිටි සියලුම චීන තානාපති කාර්යාල හා කොන්සල් කාර්යාල චීන ජාතික ධජ අඩ කුඹ කර තැබිණ. දිනය තුළ චීනය පුරා පොදු ‍මහජන විනෝදාත්මක ක්‍රියාකාරකම් අත්හිටුවා තිබේ. නව කොරොනා වෛරස් වසංගතයට එරෙහි සටනට දායක වී මියගිය දේශප්‍රේමී වීරයින් සහ රෝගයෙන් මියගිය ස්වදේශිකයින් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා, පෙරවරු 10ට රට පුරා මිනිත්තු තුනක නිශ්ශබ්දතාවයක් පැවැත්විණ. එම කාලය තුළ ගුවන් ආරක්ෂක අනතුරු ඇඟවීමේ නළා හඬ නැගුණු අතර මෝටර් රථ, දුම්රිය සහ නෞකා නළා හඬ ද නැංවිණ.

අසම්පූර්ණ සංඛ්‍යාලේඛනයකට අනුව, මේ වන විට වසංගතය පාලනය කිරීමට එක් වූ චීනයේ වෛද්‍ය සේවකයින් 46 දෙනෙකු සිය ජීවිතය පූජා කර ඇත. පසුගිය මාස දෙක තුළ හූබෙයි පළාතේ ඉදිරි පෙළ වෛද්‍ය සේවකයින් 1500කට වැඩි සංඛ්‍යාවකට වෛරසය ආසාදනය විය. දස දහස් සංඛ්‍යාත චීන වෛද්‍ය සේවකයෝ, දෙගිඩියාවකින් තොරව, සිය ජීවිත ආරක්ෂාව නොතකා, වූහාන් නගරයට යොමු වී හෝ සිය ප්‍රදේශවල සිට හෝ වසංගතය සමග සටන් කරමින් ජීවිත බේරා ගැනීමේහි නියැලී සිටියහ. ‘දුමාරයක් නොමැති සටන්භූමියේ’ සටන් කළ මෙම වෛද්‍ය සේවකයින් ශක්තිමත්ම භටයන්ය! ඔවුන් රටට ලෙන්ගතු ම ආරක්ෂකයන්ය!

අද වසංගතය සමග සටන ජය ගැනීමේ බලාපොරොත්තුව උදා විය. මේ නිමිත්තෙන් කෝටි 140ක චීන ජනතාව වසංගතයෙන් මියගිය ස්වදේශිකයින් සිහිපත් කරමින්, දේශප්‍රේමී වීරයින්ට ඉහළම නමස්කාරය පුද කර ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති