කොරොනා වසංගතයට එරෙහි සටන පිළිබඳව චීන ජනපති ලෝක නායකයින් සමඟ සාකච්ඡා

2020-03-22 17:43:48
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කොරොනා වසංගතයට එරෙහි සටන පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලෝක නායකයෝ සමඟ අදහස් හුවමාරු කර ගනිති.

ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන්, ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් හා සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසිස් යන මහත්ම මහත්මීන් සමහ චීන ජනාධිපතිවරයා දුරකථනයෙන් සාකච්ඡා පවත්වා ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ ෂී ජින් පිං මහතා පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව ලෝක මහජන සෞඛ්‍ය පාලනය හා පොදු සෞඛ්‍ය සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට ප්‍රංශය සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බවයි.

මහජන සෞඛ්‍ය අර්බුධය මානව ප්‍රජාවට එල්ල වු පොදු අභියෝගයක් බවත්, එකමුතුභාවය හා සහයෝගීතාව වසංගතය පරාජය කිරීමේ වඩාත් ප්‍රබලම අවිය බවත්, ජර්මන් චාන්සලර් ඇගෙලා මර්කල් මහත්මිය සමඟ පැවති සාකච්ඡාවේදී චීන ජනාධිපතිවරයා පැවසීය.

සර්බියානු ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී චීන ජනාධිපතිවරයා පැවසුවේ සර්බියාවේ වසංගත තත්වය පාලනය සදහා අවශ්‍ය වෛද්‍ය ආරක්ෂිත උපකරණ සහ වෛද්‍ය කණ්ඩායම් එරටට යැවීමට චීන සූදානම් බවයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති