කොරොනා වසංගත පාලනය පිළිබඳ වීඩියෝ සමුළුවක්

2020-03-21 18:47:06
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

යුරෝපා-ආසියා හා දකුණු ‍ආසියානු රටවල් සමග චීනය නව කොරොනා වසංගත පාලනය පිළිබඳ වීඩියෝ සමුළුවක් පවත්වයි.

රටවල් 19ක රාජ්‍ය නිලධාරීහු, සෞඛ්‍ය විශේෂඥයෝ හා ඊට අදාළ රටවල ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයෝ 200ක් පමණ ඊයේ(20) පැවති එම සමුළුවට එක් වූහ.

චීන විද්‍යා ඇකඩමිය, චීන රෝග පාලනය හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය ඇතුළු ආයතනවල විශේෂඥයෝ හා නියෝජිතයෝ එහිදී වසංගතය පැතිරීමේ ප්‍රවණතාව හා ලක්ෂණ පැහැදිලි ක‍ළහ. චීනයේ වසංගත පාලනය, සායනික ප්‍රතිකාරය, රේගු පරීක්ෂණය පිළිබඳ අත්දැකීම් පහදා දුන් ඔවුහු විදේශ රටවල නියෝජිතයෝ නැගූ 80කට වැඩි ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ.

මෙවැනි කාලෝචිත සමුළුවක් පැවැත්වීම පිළිබඳව එම සමුළුවට එක්ව සිටි විවිධ පාර්ශ්වයන්ගේ නියෝජිතයෝ චීනයට ස්තුතිය පළ කළහ. වසංගතයට එරෙහිව සටන් කරමින් සිටින රටවල් හා කලාපවලට එය විශාල සහයක් බව ද ඔවුන්ගේ අදහස විය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති