නව කොරොනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යයි

2020-02-27 11:00:30
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව කොරොනා ආසාදිතයින් 433 ක් සහ මරණ 29 ක් ප්‍රාදේශීය මට්ටමේ පළාත් 31න් ඊයේ (26) වන විට වාර්තා වී ඇති බව චීන සෞඛ්‍ය අධිකාරිය පවසයි. චීන මහ ගොඩ බිමේ අලුතෙන් සුව කරන ලද සහ මුදා හරින ලද නව කොරොනා වයිරස් ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව නවවන දිනටත්, නව ආසාදන ඉක්මවා ගොස් ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම කියා සිටී. බදාදා දිනයේදී චීන මහ ගොඩ බිමේ පමණක් පුද්ගලයින් 2,750 දෙනෙකු සුවය ලැබීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත. එය තහවුරු කරන ලද නව ආසාදනවලට වඩා ඉතා ඉහළ අගයක් ගෙන තිබේ. කොරොනා ආසාදනයෙන් සුවය ලැබූවන් 32,495 දෙනෙකු ඊයේ (26) දිනය අවසන් වන විට රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොමිසම සඳහන් කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති