චීනයේ වසංගතය වැළැක්වීම හා පාලනය කිරීමේ තත්ත්වයේ සක්‍රීය හා යහපත් ප්‍රවණතාව ව්‍යාප්ත වෙමින් පවතින බව චීන ජනාධිපතිවරයා පවසයි

2020-02-27 09:51:22
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව කොරොනා වසංගතය වැළැක්වීම හා පාලනය පිළිබඳ කටයුතු ලිහිල් නොකර ආර්ථික සමාජීය සංවර්ධනයේ විවිධ කාර්යයන් කඩිනම් කළ යුතු බව චීන ජනාධිපතිවරයා පවසයි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) පැවති චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ‍යේ ස්ථාවර කමිටු රැස්වීමේදී යි. චීනයේ වසංගතය වැළැක්වීම හා පාලනය කිරීමේ තත්ත්වයේ සක්‍රීය හා යහපත් ප්‍රවණතාව ව්‍යාප්ත වෙමින් පවතින අතර ආර්ථික සමාජීය සංවර්ධනය පුනරුත්ථාපනය කඩිනම් කෙරේ. එහෙත් හූබෙයි පළාතේ හා වූහාන් නගරයේ වසංගත පාලන තත්ත්වය තවමත් සංකීර්ණ හා දුෂ්කර තත්ත්වයක පවතී. වෙනත් ප්‍රදේශ වල වසංගතය යළි මතු වීමේ අවදානම පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.වර්තමානයේ වසංගතය වැළැක්වීම හා පාලනය කිරීම පිළිබඳ කටයුතු අඛණ්ඩව ශක්තිමත් කරන චීනය ආර්ථික සමාජීය සංවර්ධනයේ විවිධ කාර්යයන් ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම එහිදීපැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ චීනය අඛණ්ඩව සමීප සහයෝගතා පවත්වා අදාළ රටවල් හා අදහස් හුවමාරු කරමින් වසංගතය පාලන කිරීමේ අත්දැකීම් බෙදා දෙමින් ප්‍රාදේශීය හා ලෝකයේ පොදු සනීපාරක්ෂාව සහතික කරන බව එම රැස්වීමේදී ප්‍රකාශ කෙරිණ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති