කොරොනා වසංගතය වැළැක්වීම හා පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ‍යේ රැස්වීමක්

2020-02-26 19:45:12
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව කොරොනා වෛරස් වසංගතය වැළැක්වීම හා පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ‍යේ රැස්වීම පැවැත්වෙයි.

අද(26) පැවති එම රැස්වීමේදී නව කොරොනා වෛරස් වසංගතයට මුහුණ දීම පිළිබඳ මධ්‍යම කාරක සභාවේ විශේෂ කාරක මණ්ඩලය වත්මන් වසංගත තත්ත්වය වාර්තා කළේය. වර්තමානයේ ප්‍රමුඛ පාලන කටයුතු පිළිබඳව එම රැස්වීමේදී අවධානය යොමු විය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම රැස්වීමේ මුලසුන දැරුවේය. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොමියුනිස්ට් සාමාජිකයින්ට දුන් උපදේශයන්ට අනුව, ෂී ජින්පිං ජනාධිපතිවරයා, ලී ක ච්‍යං අගමැතිවරයා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සමස්ත ස්ථාවර සාමාජිකයන් වසංගත පාලනය සඳහා මුදල් පරිත්‍යාගය සිදු කළහ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති