නව කොරොනා වෛරස වසංගතය වැලැක්වීමේ හා පාලනය කිරීමේ චීන උත්සාහය නැමති ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කෙරේ

2020-02-26 16:30:54
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව කොරොනා වෛරස වසංගතයට එරෙහි චීන සටන පිළිබඳ ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කෙරේ.

නව කොරොනා වෛරස වසංගතය වැලැක්වීමේ හා පාලනය කිරීමේ චීන උත්සාහය නැමති එම ග්‍රන්ථය චීන ජාත්‍යන්තර මුද්‍රණාලයේ සහ මහජන ප්‍රකාශන ආයතනයේ සම ප්‍රකාශනයකි.

චීන අක්ෂර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සහිත මෙම ග්‍රන්ථයට වසංගතයට එරෙහිව සටන් වදින කාලය තුළ තෝරා ගත් මාධ්‍ය වාර්තා, ප්‍රධාන අවස්ථා, පුද්ගල සහ සිදුවීම් අන්තර්ගත කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වයේ ශක්තියත්, චීන සමාජවාදී ක්‍රමවේදය මෙන්ම චීනය ගෝලීය හා කලාපීය මහජන සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශක්තිමත් සබඳතා පැවැත්වීම පිළිබඳවත් එහි සඳහන් වේ.

මෙම කෘතිය ඉදිරියේදී ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, රුසියා හා අරාබි යන භාෂාවන්ගෙන් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති