ජාතික වසන්ත ඍතුවේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව චීන ජනාපතිවරයාගෙන් වැදගත් උපදෙස්

2020-02-26 10:46:01
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කෘෂිකර්මය ස්ථිර කරන අතරතුර, ආහාර සහ අතිරේක ආහාරවල සුරක්ෂිතභාවය ද සහතික කළ යුතු බව, ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, වර්තමාන ජාතික වසන්ත කෘෂිකාර්මික නිෂ්පාදන කටයුතු පිළිබඳව වැදගත් උපදෙස් ලබාදෙමින්, මේ බව පැවසීය.

වැඩි වැඩියෙන් අවදානම් සහ අභියෝගයන්ට මුහුණ දීමත් සමඟ, කෘෂිකර්මාන්තය වඩාත් ස්ථාවර කළ යුතු බවත්, ආහාර සහ අතිරේක ආහාරවල සුරක්ෂිතභාවය ද ඒ තරමට ම සහතික කළ යුතු බවත්, හෙතෙම අවධාරණය කළේ ය. එමගින්, නව කොරොනා වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ සටන ජය ගැනීමට මෙන්ම, මෙම වසරේ ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක හා කාර්යයන් ඉටු කිරීමට ද,ශක්තිමත් සහයෝගයක් ලැබෙනු ඇතැයි, ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය.

කලාපයට හා මට්ටමට අනුව වෙනස් කරන ලද, වසංගතය වැළැක්වීමේ සහ පාලනය කිරීමේ පියවර දැඩි ව ක්‍රියාත්මක කිරීමත් සමඟ, වසන්ත ඍතුවේ සීසෑමේ කටයුතු සම්පූර්ණ කිරීමෙන් ගිම්හාන ධාන්‍ය අස්වැන්න සහතික කළ යුතු බව, ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති