ඉහළම අධිෂ්ඨානයෙන් යුතුව කොරොනා පාලන කටයුතු දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව චීන ජනපති පවසයි

2020-02-23 20:08:09
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කොරොනා වසංගතය වැළැක්වීම හා පාලනය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ රැස්වීමට චීන ජනාධිපති ෂී ජින්පින් මහතා එක් වෙයි. ටෙලි දුරකථන මාර්ගයෙන් පැවති මෙම රැස්වීමේ දී චීන ජනාධිපතිවරයා විශේෂ කථාවක් කළේය.

දැනට නව කොරොනා වෛරස වසංගතය පාලනය කිරීම තවදුරටත් බැරෑරුම් තත්ත්වයකට මුහුණ දෙමින් පවතින අතර එම කටයුතු කේන්ද්‍රීය අදියරක පවතී. විවිධ මට්ටම්වල කොමියුනිස්ට් පක්ෂ කමිටු හා ප්‍රාදේශීය රජයන් ඉහළම අධිෂ්ඨානයෙන් යුතුව විවිධ පාලන කටයුතු දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු ය. පීඩනය ශක්තිය බවට පත් කරලිය හැකිය. නිෂ්පාදනය හා ජීවිතය ක්‍රමවත් ලෙස පුනරුත්ථාපනය කරමින් මෙම වසරේ නිශ්චිත ආර්ථික සමාජ සංවර්ධන ඉලක්ක ඉෂ්ට කිරීමට තැත් කළ යුතු බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති