කොරොනා වෛරස් වසංගතයට එරෙහිව දැඩි අවධානයෙන් තවදුරටත් සටන් කළ යුතුයි-චීන ජනපති

2020-02-13 11:31:26
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කොරොනා වෛරස් වසංගතයට එරෙහිව දැඩි අවධානයෙන් යුතුව තවදුරටත් සටන් කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුව ඊයේ (12) රැස්වීමක් පවත්වා වත්මන් වසංගත තත්ත්වය විශ්ලේෂණය කරමින් එහි තවදුරටත් පාලන කටයුතු විමර්ශනය කළේ ය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා එහි මුලසුන දරමින් වැදගත් දේශනයක් පැවැත්විය.

ඔහු සඳහන් කළේ විශාල උත්සාහයන් යටතේ වසංගත තත්ත්වයේ සක්‍රීය වෙනස්කම් සිදුව ඇති අතර එය පාලනය කිරීමේ කටයුතු ද ඵලදායී ප්‍රගතියක් ලබා ගෙන ඇති බවයි. මේ සඳහා විවිධ අංශ දායක වෙමින් සිටී.

වර්තමානයේ, වසංගතය පාලනය කිරීමේ කටයුතු තීරණාත්මක අවධියකට පිවිසී ඇති බව පැවසූ ෂී ජින් පිං මහතා ඉතා අවධානයෙන් යුතුව වසංගත පාලන ප්‍රධාන කටයුතු ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළේ ය. බරපතළ තත්ත්වයක පවතින හෝ දැඩි අවදානම් සහිත ප්‍රදේශවල වසංගතය පාලනය තහවුරු කළ යුතු බව ද ෂී ජින් පිං මහතා එම රැස්වීමේදී පෙන්වා දුන්නේ ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති