චීන අග්‍රාමාත්‍යවරයා චීන වෛද්‍ය විද්‍යා ඇකඩමියේ රෝගකාරක ජෛව විද්‍යා ආයතනය නිරීක්ෂණයක

2020-02-10 13:38:07
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන අග්‍රාමාත්‍ය, මධ්‍යම රජයේ නව කොරොනා වෛරස් වසංගතය පාලනය කිරීමේ කාර්ය කණ්ඩායමේ නායක ලී ක ච්‍යං මහතා චීන වෛද්‍ය විද්‍යා ඇකඩමියේ රෝගකාරක ජෛව විද්‍යා ආයතනය නිරීක්ෂණය කරයි.

ලී ක ච්‍යං මහතා ඊයේ (9) චීන වෛද්‍ය විද්‍යා ඇකඩමියේ රෝගකාරක ජෛව විද්‍යා ආයතනයට ගොස් වසංගත වැළැක්වීම සහ පාලනය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ කටයුතු නිරීක්ෂණය කරමින් එහි විද්‍යාත්මක පර්යේෂකයන් වෙත ප්‍රණාමය පළ කළේය.

වසංගතය වැළැක්වීම සහ පාලනය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රගතිය චීන වෛද්‍ය විද්‍යා ඇකඩමියේ ප්‍රධානියා එහිදී විස්තර කළේය. විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂකයන් දිවා රෑ නොබලා ක්‍රියා කිරීම ලී ක ච්‍යං මහතා ගේ පැසසුමට ලක්විය.

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාතික ක්‍රියාකාරීත්වය සහ විද්‍යා හා තාක්ෂණික සහය අවශ්‍ය බව ලී ක ච්‍යං මහතා පැවසීය.

ඵලදායී ඖෂධ හා එන්නත් සංවර්ධනය සඳහා මූල්‍ය හා ද්‍රව්‍යමය සම්පත් සහ මිනිස්බල සහයෝගය වැඩි කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති