නව කොරොනා වෛරස් මැඩපැවැත්වීමට ක්‍රියා කරමින් සිටින චීන වෛද්‍ය කණ්ඩායම් වෙත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රණාමය

2020-02-10 11:19:58
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව කොරොනා වෛරස් වසංගතය මැඩපැවැත්වීම සඳහා ක්‍රියා කරමින් සිටින චීන වෛද්‍ය කාර්ය මණ්ඩල වෙත ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ගෞරවය පිරිනමයි .

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා ඊයේ (9) පැවසුවේ චීන වෛද්‍ය සේවක සේවිකාවන් විශේෂයෙන් ම හුබෙයි පළාතේ වෛද්‍ය සේවකයන් වෙත ගෞරවය පිරිනමන බවයි. දැඩි පීඩනය යටතේ ඔවුන් රෝගී ප්‍රතිකාර පමණක් නොව නව කොරොනා වෛරස් විද්‍යාත්මක විශ්ලේෂණයන්ට අදාළ දත්ත සොයා ගනිමින් සිටින බව Tedros Adhanom Ghebreyesus මහතා කියා සිටියේය. යහපත් ම ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීම හා වෛරස පැතිර යාම මැඩපැවැත්වීමට ඔවුන් දරන උත්සාහය කෙරෙහි සමස්ත ලෝකයේ ප්‍රණාමය හිමිවිය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.

ලබන 11 වනදා හා 12 වනදා ජිනිවාහි නව කොරොනා වෛරසය පිළිබඳ ගෝලීය පර්යේෂණ හා නිර්මාණශීලි සාකච්ඡා සභාව පැවැත්වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 6 වනදා ප්‍රකාශ කළේය. ගෝලීය විද්‍යාත්මක හා පර්යේෂණ ශක්තිය සම්බන්ධීකරණය කිරීම, ප්‍රතිකාර ක්‍රම හා එලදායි එන්තන සොයා ගැනීම කඩිනම් කිරීම එහි අරමුණ ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති