චීන ජනාධිපතිවරයා සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

2020-02-06 16:12:17
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(5) බෙයිජිංහි මහජන මහ ශාලාවේදී කාම්බෝජ අග්‍රාමාත්‍ය Samdech Hun Sen මහතා හමු විය.

නව කොරොනා වෛරසය පරාජය කිරීමේ විශ්වාසය හා හැකියාව චීනය සතු බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. චීන ජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව පිළිබඳව ඇති වගකීම දරමින්, චීන රජය, ඒ සඳහා සම්පූර්ණ හා දැඩි පාලන ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති බව, හෙතෙම අවධාරණය කළේ ය. මේ වන විට, වැළැක්වීමේ සහ පාලනය කිරීමේ කටයුතු, ධනාත්මක ප්‍රතිඵල අත්කර ගෙන ඇත. චීනය දිගටම විවෘත හා විනිවිද භාවයෙන් යුක්තව, කාම්බෝජය ඇතුළු විවිධ රටවල් සමග සහයෝගිතාව ශක්තිමත් කරමින්, නව කොරොනා වෛරස් තත්වයට, එක්ව හා ඵලදායී ලෙස මුහුණ දෙනු ඇති බවත්, ගෝලීය හා කලාපීය මහජන සෞඛ්‍ය සුරක්ෂිතභාවය ආරක්ෂා කරනු ඇති බවත්, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

කාම්බෝජ රජය හා ජනතාව, චීන රජයට හා ජනතාවට බලවත් සහාය පළ කිරීම සඳහා, මෙම විශේෂ කාල සීමාව තුළ චීනයේ නිල සංචාරයක නිරත වීමට තමා තීරණය කළ බව, Hun Sen මහතා ප්‍රකාශ කළේ ය. නව කොරොනා වෛරසයට ඇති බිය හේතුවෙන් ඇතැම් රටවල් දැඩි සීමාවන් සහිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබේ. මෙය සුදුසු තත්වයක් නොවේ. කාම්බෝජ පාර්ශ්වය චීනය සමඟ පවතින සහයෝගීතාවය හා හුවමාරුව අඛණ්ඩ ව පවත්වා ගෙන ඇති අතර, කාම්බෝජ-චීන පොදු ඉරණමක් සහිත ප්‍රජාව එක්ව ක්‍රියා කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද හෙතෙම පැවසීය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති