ලොව විශාලතම ගුවන් විදුලි දුරේක්ෂය නිල වශයෙන් ක්‍රියාත්මක කෙ‍රේ

2020-01-12 17:40:16
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

FAST නම් ලොව විශාලතම ගුවන් විදුලි දුරේක්ෂය නිල වශයෙන් ක්‍රියාත්මක කෙ‍රේ.

චීනයේ දිව්‍ය අක්ෂි නමින් හැඳින්වෙන මීටර් 500ක විවරය සහිත ගෝලාකාර ගුවන් විදුලි දුරේක්ෂය ඊයේ (11) ජාතික පරීක්ෂණයෙන් සමත් විය. ඊයේ පැවති සමුළුවකදී චීන විද්‍යා ඇකඩමියේ විශේෂඥයෝ 6 දෙනෙක් FAST දුරේක්ෂයේ පරීක්ෂණ සම්බන්ධයෙන් අදහස් පළ කළහ. FAST දුරේක්ෂයේ විවිධ කාර්මික දර්ශක අපේක්ෂිත පරීක්ෂණ ප්‍රමිතීන්ට ළඟා වී හෝ අපේක්ෂිත පරීක්ෂණ ප්‍රමිතීන් අභිබවා ගොස් ජාත්‍යන්තර වශයෙන් ඉදිරියෙන් පවතින හෙයින් FAST දුරේක්ෂය ක්‍රියාත්මක කළ හැකි තත්වයට පත් වී ඇතැයි චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ අධි තාක්ෂණ දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

‍චීනය ලොව වැඩිම සංවේදීතාව හිමි FAST දුරේක්ෂය මගින් සාම්ප්‍රදායියක දුරේක්ෂ නිර්මාණයේ සීමාව ඉක්මවමින් අධි විශාල ගුවන් විදුලි දුරේක්ෂය සෑදීමේ නව ක්‍රමය නිර්මාණය කර තිබේ. එමගින් චීනය අභ්‍යවකාශය ගවේෂණය කිරීමේ පරාසය තවත් සිව් ගුණයකින් පුළුල් කරමින් විද්‍යාඥයන් අභ්‍යවකාශය පිළිබඳ සොයා ගැනීමේ හැකියාවන් තවදුරටත් ඉහළ නංවා ගනු ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති