චීන-රුසියා නැගෙනහිර මාර්ග ස්වාභාවික ගෑස් නළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ

2019-12-02 21:27:03
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන-රුසියානු නැගෙනහිර මාර්ගයේ ස්වාභාවික ගෑස් නළ ව්‍යාපෘතිය අද (02) ක්‍රියාත්මක කෙරිණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා වීඩියෝ මාර්ගයෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ උත්සවය නරඹමින් එකිනෙකාට සුබ පැතුම් පිරිනැමූහ.

චීන-රුසියානු නැගෙනහිර මාර්ගයේ ස්වාභාවික ගෑස් නළ ව්‍යාපෘතිය චීන-රුසියානු බලශක්ති සහයෝගිතාවේ සංකේතවත් ව්‍යාපෘතියක් බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය. ගෙවී ගිය වසර 5 තුළ දෙපාර්ශ්වය මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් පොදු පරිශ්‍රමයේ නිරත වී ඇත. චීන-රුසියානු සම්බන්ධතාව නව යුගයකට පිවිස ඇතැයි හෙතෙම පවසයි. ඉදිරියේදී චීන-රුසියානු නැගෙනහිර මාර්ගයේ ස්වාභාවික ගෑස් නළ මාර්ගය වැනි දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් දෙරටේ ජනතාවට වඩාත් සෙත සලසා දීමට බලාපොරොත්තු වන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

රුසියා-චීන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සරය මේ වසරේ යෙදී තිබේ. චීන-රුසියානු නැගෙනහිර මාර්ගයේ ස්වාභාවික ගෑස් නළ ව්‍යාපෘතිය සුවිශේෂ වැදගත්කමින් යුත් බව ව්ලැද්මීර් පුටින් මහතා එහිදී පැවසීය. මෙම ව්‍යාපෘතිය ද්විපාර්ශ්වික උපාය මාර්ගික සහයෝගිතාව නව මට්ටමකට ගෙන යනු ඇතැයි හෙතෙම කියා සිටියේ ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති