23 වන කියුෂි සඟරාව චීන ජනාධිපතිවරයාගේ වැදගත් ලිපියක් පළ කරයි

2019-12-01 15:21:07
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

අද(දෙසැම්බර් 1) නිකුත් කෙරුණු 23 වන කියුෂි සඟරාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ වැදගත් ලිපියක් ප්‍රකාශයට පත් කරයි. "චීන ලක්ෂණවලින් හෙබී සමාජවාදී සහ නීති පද්ධති අනුගමනය කරමින්, පරිසමාප්ත කරමින් වැඩිදියුණු කිරීම " එම ලිපියේ තේමාවයි.

නව චීනය ස්ථාපිත වී වසර 70 ක් තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ක්‍රමයෙන් එවැනි පද්ධති 2 බිහි වී ඇත. වත්මන් චීනයේ සංවර්ධනය හා ප්‍රගතිය වෙනුවෙන් මූලික සහතික සපයන එය, නව යුගයේ ජාතික සහ නීති පද්ධති ප්‍රවර්ධනය කිරීමට වැදගත් අත්දැකීම් ලබා දෙන බව එම ලිපියෙහි සඳහන් වේ.

දිගුකාලීන ප්‍රායෝගික ගවේෂණ මගින් හැඩ ගැසී තිබෙන එම පද්ධති, මානව ආයතනික ශිෂ්ටාචාර ඉතිහාසයේ විශිෂ්ට නිර්මාණයක් ලෙසට සැලකිය යුතු ය. එමෙන් ම ප්‍රායෝගිකව ඔප්පු කර ඇති එම පද්ධති විද්‍යාත්මක ක්‍රමයක් වන අතර එය විධිමත්ව පිළිපදිමින් ක්‍රියාවට නංවා ගනිමින්, අඛණ්ඩව පරිසමාප්ත කළ යුතු බවත් එමලිපිය පෙන්වා දෙයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති