කෘෂි නිෂ්පාදිත මිල හා සැපයුම ස්ථාවර කරන ලෙසට චීන අගමැති ගෙන් උපදෙස්

2019-11-08 14:19:47
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කෘෂි නිෂ්පාදිත මිල හා සැපයුම ස්ථිර කරන ලෙසට චීන අගමැති ලී ක ච්‍යං මහතා උපදෙස් දෙයි.

පසුගියදා(6) රාජ්‍ය මණ්ඩලයේ නිත්‍ය රැස්වීමක මුලසුන දැරූ ලී ක ච්‍යං මහතා කෘෂි කර්මාන්තයේ වත්මන් තත්ත්වයන්ට සවන් දී ඒ බව ප්‍රකාශ කළේය.

මෙම වසරේ චීනයේ ධාන්‍ය අස්වැන්න වසර 5ක් පුරා කීලෝග්‍රෑම් බිලියන 650 ඉක්මවා ඇත. එහෙත් දැනට ජනතාවට සමීප වන ඇතැම් කෘෂි නිෂ්පාදිතවල මිල වේගයෙන් ඉහල යාමක් පෙන්නුම් කර ඇත. එවැනි කෘෂි නිෂ්පාදිතවල සැපයුම තහවුරු කරමින් වෙළඳපොළ පටිපාටිය විධිමත් කරමින් එම වේගවත් මිල ඉහල යාමේ ප්‍රවණතාව පාලනයට ලක් කළ යුතු බව එම රැස්වීමේදී ලී ක ච්‍යං මහතා පෙන්වා දුන්නේය.

අනතුරුව එම රැස්වීම මෑතකදී පැවති නැගෙනහිර ආසියානු ප්‍රධානීන්ගේ සමුළුවෙන් ලද ප්‍රතිඵලයන්හි පාශ්චාත් කටයුතු කෙරෙහි ද අවධානය යොමු කර ඇත. ‘කලාපීය සම්පූර්ණ ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳ ගිවිසුමේ’ සාමාජික රටවල් 15 එම සමුළුවේදී ගිවිසුමට අදාළ ‘වෙළඳපොළට ප්‍රවේශ වීම්’ පිළිබඳ සාකච්ඡා සම්පූර්ණ කළ බව ප්‍රකාශ කර තිබිණ. සිය විවෘතභාවය පුළුල් කරමින් විවිධ රටවල් සමග පොදු ජයග්‍රහණයන් දිනා ගැනීමේ අරමුණෙන්, ඉදිරියේදී චීනය සිය ව්‍යාපාර ජගත් තරගයටත් සහයෝගතාවටත් එක් වීම දිරිමත් කිරීමට සැරසේ. ඉහල ගුණාත්මක නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව වඩාත් වැඩි රටවල් සමග සාකච්ඡා පැවැත්වීමට චීනය සූදානම් වෙයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති