චීන මාධ්‍ය සමූහයේ ගුවං තුං-හොංකොං- මැකව් මහ බොක්ක කලාපයේ මධ්‍යස්ථානය හා මහ බොක්ක කලාපයේ හඬ නම් ජංගම දුරකථන නව මාධ්‍ය වේදිකාව විවෘත කෙරේ

2019-11-07 20:43:15
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මාධ්‍ය සමූහයේ ගුවං තුං-හොංකොං- මැකව් මහ බොක්ක කලාපයේ මධ්‍යස්ථානය අද (07) නිල වශයෙන් විවෘත කෙරිණ. මීට සමගාමී ව මහ බොක්ක කලාපයේ හඬ නම් ජංගම දුරකථන නව මාධ්‍ය වේදිකාව ද විවෘත ‍කරනු ලැබීය. ගුවං තුං පළාතේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් ලි ශි , චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං , ගුවං තුං පළාතේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ උප ලේකම් , ගුවං තුං පළාතේ ශෙන් චෙන් නගරයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වං වෙයි යන මහත්වරු එම මධ්‍යස්ථානය හා නව මාධ්‍ය වේදිකාව ක්‍රියාත්මක කිරීමේ පුවරු විවෘත කළහ.

ඒ වෙනුවෙන් පැවති උත්සවයේදී චීන මාධ්‍ය සමූහයේ, චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ සහ ගුවං තුං පළාතේ නිලධාරීන් විසින් හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාපීය අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ හොංකොං හා මැකව් හි පාසැල් වෙත කැන්ටන් ප්‍රාදේශීය භාෂා සංස්කරණය සහිත “මේ මොහොතේ - චීන මහජන සමූහාණ්ඩුවේ 70වැනි සංවත්සර සැමරුම් උත්සවය ” නම් චිත්‍රපට පිටපත හා ඊට අදාළ DVD නිෂ්පාදනය පිරිනමන ලදී. එම චිත්‍රපටය චීන මාධ්‍ය සමූහය විසින් 4K අධි පැහැදිලි තාක්ෂණය මගින් නිෂ්පාදනය කරනු ලැබීම විශේෂත්වයකි.
  

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති