චීන ජනාධිපතිවරයාගේ ඉන්දියා හා නේපාල සංචාරය පිළිබඳව දෙස් විදෙස් මාධ්‍ය දැනුවත් කෙරේ

2019-10-09 19:08:01
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දියාවේ හා නේපාලයේ සිදු කරන සංචාරය පිළිබඳව දෙස් විදෙස් මාධ්‍ය දැනුවත් කෙරේ.

චීන උප විදේශඇමති ලෝ චාඕහුයි මහතා අද බෙයිජිංහි පැවති එම හමුවේදී අදාළ තොරතුරු මාධ්‍ය වෙත හෙලිදරව් කළේය.

ඉන්දීය අගමැති Narendra Modi මහතා හා නේපාල ජනාධිපතිනි Vidya Devi Bhandari මහත්මියගේ ආරාධනාවලට අනුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එළඹෙන 11 වැනිදා සිට 13 වැනිදා දක්වා එම රටවල් දෙකේ සංචාරය කිරීමට නියමිතය. හෙතෙම ඉන්දියාවේ පැවැත්වෙන චීන ඉන්දීය නායකයන්ගේ දෙවන නිල නොවන හමුවට එක් වනු ඇත. අනතුරුව ෂී ජින්පිං මහතා නේපාලයේ නිල සංචාරයක නිරත වෙයි.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සංවත්සරයෙන් පසුව ෂී ජින්පිං මහතා සිදු කරන පළමු විදේශ සංචාරය මෙයයි. චීන ඉන්දීය, චීන නේපාල මෙන්ම චීන-දකුණු ආසියානු සම්බන්ධතාවට එයින් නව බලයක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. එය කලාපීය ප්‍රායෝගික සහයෝගතාවට නව අවකාශයක් මෙන්ම ජනතාවගේ අන්‍යෝන්‍ය විශ්වාසය වෙනුවෙන් නව වේදිකාවක් ද නිර්මාණය කර ලෝක සාමය හා සමෘද්ධිය සඳහා නව දායකත්වයක් ලබා දෙනු ඇතැයි ලෝ චාඕහුයි මහතා කියා සිටියේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති