චීන-පාකිස්ථාන සබඳතාව අසමසම පූර්ණ කාලීන උපක්‍රමීය සහයෝගතා හවුල්කාරීත්වයක් බව චීන ජනපති කියයි

2019-10-09 16:22:07
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පාකිස්ථාන අගමැති Imran Khan මහතා හමු වෙයි.

චීන-පාකිස්ථාන සබඳතාව අසමසම පූර්ණ කාලීන උපක්‍රමීය සහයෝගතා හවුල්කාරීත්වයක් බව එම හමුවේදී චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර හා කලාපීය තත්ත්වය කවර ආකාරවලින් වෙනස් වුවද චීන පාකිස්ථාන මිත්‍රත්වය පාෂාණ සේ ස්ථිරය. දෙරටේ සහයෝගතාව තුළින් ශක්තිමත් ජීවයක් විදහා පා තිබේ. කලාපීය සාමය පොදුවේ ආරක්ෂා කරමින් දෙපාර්ශ්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ෂැන්හයි සහයෝගතා සංවිධානය යනාදී බහුපාර්ශ්වික සංවිධාන තුළ සහයෝගතා පුළුල් කළ යුතු බව ද ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබේ.

මේ අතර පාකිස්ථාන අගමැති Imran Khan මහතා පැවසුවේ චීනය සමග හුවමාරුව, සම්බන්ධීකරණය හා සහ‍යෝගතා ශක්තිමත් කිරීමට තම රට කැමති බවයි. චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ සංවර්ධනය ස්ථිර ලෙස ඉදිරියට මෙහෙයවමින් එය ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ සාර්ථක ආදර්ශයක් සේ ගොඩනැගීමට පොදුවේ උත්සාහ දැරිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

අනතුරුව Imran Khan සහ ෂී ජින්පිං යන මහත්වරු කාශ්මීර ප්‍රදේශයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති