චීන ජනාධිපතිවරයා සහ සොලමන් දූපත් අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

2019-10-09 16:19:55
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සොලමන් දූපත් අග්‍රාමාත්‍ය Manasseh Sogavare මහතා හමු වෙයි.

එම හමුව අද(9) බෙයිජිංහිදී පැවැත්විණ. මෑතකදී, සොලමන් දූපත් රජය සහ චීනය “එකම චීනය” යන මූලධර්මය යටතේ, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව නිල වශයෙන් ස්ථාපිත කර තිබිණ. මෙය කාලීන ප්‍රවණතාව අනුගමනය කිරීම සහ දෙරටේ ජනතාවට ප්‍රතිලාභ සැලසීමේ යහපත් පියවරක් බව ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ස්ථාපිත කිරීමේ කාලය කෙටි නමුත් එය දෙරටේ මිත්‍රත්වයට බලපෑමක් නොමැත. මෙම මිතුදම ආරම්භ කිරීමත් සමගම යහපත් අනාගතයක් සඳහා අපේක්ෂා කළ හැකි බව හෙතෙම කියා සිටි‍යේ ය.

චීනයේ ජයග්‍රහණ අත්දැකීම් හැදෑරීමට තම රට කැමැත්තෙන් සිටින බව Sogavare මහතා පෙන්වා දුන්නේ ය. ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ “එක් තීරයක් - එක් මාවතක්”වැඩපිළිවෙළ සොලමන් දූපත් පාර්ශ්වයට විශාල අවස්ථා ලබා දෙනු ඇති බව හෙතෙම පැවසුවේ ය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති