චීන අග්‍රාමාත්‍යවරයා හා පාකිස්ථාන අගමැතිවරයා අතර සාකච්ඡාවක්

2019-10-08 19:42:47
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන අගමැති ලී ක ච්‍යන් මහතා පාකිස්ථාන අගමැති Imran Khan මහතා සමග සාකච්ඡාවක් පවත්වයි.

චීනය සහ පාකිස්ථානය අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය කිසිදු කොන්දේසියකින් තොර, කිසිදු පාර්ශ්වයකට එරෙහි නොවන ස්ථාවර සබඳතාවක් බවත් ඊට දෙරටේ ජනතාවගේ හෘදයංගම අනුබලය හිමි වන බවත් ලී ක ච්‍යන් මහතා එහිදී ප්‍රකාශ කළේය. රටේ සමෘද්ධිය සඳහා පාකිස්ථානය දරන උත්සාහයන්ටත් ජගත් හා කලාපීය කරුණු පිළිබඳව පාකිස්ථානය වඩාත් වැදගත් කාර්යභාරය ඉටු කිරීමටත් චීනය අනුබල දෙයි. පාකිස්ථානය දැනට රටේ අසීරුම කාලයෙන් මිදීම සතුටක් බවත් චීනය පාකිස්ථානයට අඛණ්ඩව හැකි පමණින් සහනාධාර සලසා දීමට කැමති බවත් ලී ක ච්‍යන් අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

චීනයේ 70 වැනි ජාතික දිනය වෙනුවෙන් පාකිස්ථාන අගමැති Imran Khan මහතා එම අවස්ථාවේදී සිය සුභ පැතුම් පුද කළේය. චීනයේ සහාය ඇතිව තම රටේ ආර්ථිකය ස්ථිර තත්ත්වයක පවතින අතර එය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව ඔහු සඳහන් කළේය. චීනය සමග එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව යනාදී ද්විපාර්ශ්වික සහයෝගතා අඛණ්ඩව ඉදිරියට මෙහෙයවමින් ද්විපාර්ශ්වික සබඳතාව නව තලයකට ඉහල නංවාලීමට කැමති බව ද ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති