චීන මාධ්‍ය සමූහයේ ක්‍රීඩා නාලිකාව NBA තරඟ විකාශය නතර කරයි

2019-10-08 17:02:18
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මාධ්‍ය සමූහයේ ක්‍රීඩා නාලිකාව අද (8) නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

චීන හොංකොං විශේෂ පරිපාලන කලාපය කෙරෙහි Houston Rockets කණ්ඩායමේ කළමනාකරු ඉදිරිපත් කළ නුසුදුසු ප්‍රකාශයට NBA අධ්‍යක්ෂ ජනරාල් Adam Silver විසින් අනුබල දී තිබේ. අදාළ සිද්ධිය චීන මාධ්‍ය සමූහයේ ක්‍රීඩා නාලිකාවේ අවධානයට ලක්ව තිබෙන අතර ඊට දැඩි විරෝධය පළ කරන බව එම නිවේදනයේ සඳහන් කර ඇත. රටේ ස්වාධිපත්‍යයට හා සමාජ ස්ථාවරත්වයට තර්ජන එල්ල කරන ප්‍රකාශ කථා කිරීමේ නිදහසක් නොවන බව එම නිවේදනයේ අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන්,දැනට පවතින NBA තරඟයන්හී සියළු විකාශ කටයුතු වහාම නතර කර සිය ආයතනය හා ඇමරිකා ජාතික පැසිපන්දු සංගමය අතර සහයෝගතා පරීක්ෂා කරන බව චීන මාධ්‍ය සමූහයේ ක්‍රීඩා නාලිකාව සඳහන් කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති