චීන ජාතික දින නිවාඩු සමයේ සංචාරක ආදයම් වාර්තාගත ලෙස ඉහළට
2019-10-06 18:56:17
චීන ජාතික දින නිවාඩුව සෑම විටම චීන ජනතාවගේ සංචාරයේ උච්චතම අවස්ථාවයි. නවතම සංඛ්‍යාලේඛණවලට අනුව, මේ වසරේ එම නිවාඩුවේ මුල් දින හතර තුළ සංචාරක පරිභෝජනය වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ තිබේ. සමස්ත චීනයට දේශීය සංචාරකයින් මිලියන 542 ක් පිළි ගෙන ඇති අතර එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 8.02% ක වර්ධනයකි. දේශීය සංචාරක ආදායම යුවාන් බිලියන 452.63ට ළඟා වී ඇති අතර එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 8.58% කින් වර්ධනය වී තිබේ.
එමෙන් ම මෙම වසර නව චීනය ස්ථාපිත වීමේ 70 වන සංවත්සරය සනිටුහන් කරන නිසා, විප්ලවීය සංචාරක ව්‍යාපාරය ජාතික දින නිවාඩු සංචාරක වෙළඳපොළේ ප්‍රධාන තේමාව බවට පත් වී තිබේ.
බෙයිජිං, ජිංගාංෂාන් කන්ද, සු යී, නැන්චාං සහ යැන් ඇන් වැනි විප්ලවීය සංචාරක ගමනාන්ත සංචාරකයින් විශාල පිරිසක් ආකර්ෂණය කර ගෙන තිබේ.