70වැනි ජාතික දින සැමරුම් උත්සවය විකාශය කිරීමේදී චීන මාධ්‍ය සමූහයේ දායකත්වය ඉහළ ඇගයීමට

2019-10-06 16:22:21
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

බෙයිජිං ටියෙන් අන් මෙන් චතුරශ්‍රයේ පැවති 70වැනි චීන ජාතික දින සැමරුම් උත්සවය ලොව පුරා විවිධ භාෂාවලින් සජීව ලෙස හඳුන්වා දීමට චීන මාධ්‍ය සමූහය ලබා දුන් දායකත්වය විදෙස් මාධ්‍යවේදීන්ගේ ඉහළ ඇගයීමට ලක් වී තිබේ. චීන මාධ්‍ය සමූහය විදේශ භාෂා 43කින්, උප චීන භාෂා 4කින් සහ චීන සුළු ජාතික භාෂා 5කින් සිදු කළ එම කාර්යය පෙර නොවූ විරූ විශිෂ්ට මාධ්‍ය මෙහෙවරක් ලෙස සැලකේ. එම කර්තව්‍යය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයට අයත් චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය හා චීන ගෝලීය රූපවාහිනි ජාලය සහයෝගයෙන් පරිවර්තක කණ්ඩායම් ස්ථාපිත කිරීම හා පරිවර්තන පිටපත් සකස් කිරීම වැනි කටයුතු ඉහළින් සිදු කර ඇත. සකස් කළ පිටපත් පමණක් අනුව සජීව ලෙස උත්සවය පිළිබඳ කියා දීම වෙනුවට පරිවර්තක නිවේදක නිවේදිකාවන් උත්සවයට අදාළ ව වෙනත් තොරතුරු ද දෙස් විදෙස් ප්‍රේක්ෂකයන් වෙත විස්තර කර තිබේ. විදේශීය ප්‍රේක්ෂකයන්ට චීනය පිළිබඳ වඩාත් පූර්ණ අවබෝධයක් ලබා දීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. “නියමයි”යනුවෙන් විදෙස් මාධ්‍යවේදීන් මෙවර චීන ජාතික දින සැමරුම් උත්සවයේ සජීව විකාශය නැරඹූ අවස්ථාවේදී චීන මාධ්‍ය සමූහයේ පරිවර්තක නිවේදක නිවේදිකාවන් පිළිබඳ කළ පොදු ඇගයීම වී ඇත.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති