චීන ජාතික දින නිවාඩුව වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්

2019-10-03 16:27:45
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජාතික දින නිවාඩුව විවිධාකාර ප්‍රදර්ශන හා සංස්කෘතික ක්‍රියාකාරකම්වලින් සමන්විත වෙයි.

සැප්තැම්බර් අගදී බෙයිජිං ප්‍රදර්ශන ශාලාවේ ඇරඹුණු ‘දැවැන්ත ගමන-දීප්තිමත් ජය’ නමැති චීනයේ පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සැමරුම් ප්‍රදර්ශනයට විවිධ ක්ෂේත්‍රවල ජනතාවගේ උණුසුම් සහභාගීත්වය හිමි වෙයි. චීන ජාතික කෞතුකාගාරයේ පැවැත්වෙන ‘පෙරදිග සම්භාවනීය චිත්‍ර නිර්මාණ ප්‍රදර්ශනය’ හා ‘විදේශගතව තිබී චීනයට ආපසු රැගෙන එනු ලැබූ පුරා වස්තු ප්‍රදර්ශනය ’ ද පුළුල් අවධානයකට ලක්ව ඇත.

මේ අතර විවිධ සංස්කෘතික සංදර්ශන ද ජනතාවගේ නෙත් ආකර්ෂණය කර ඇත. සංස්කෘතික සංචාරය ජාතික දින නිවාඩු කාලයේ නව ප්‍රවර්ධන සාධකයක් බවට පත් වී තිබේ. ඉහල ගුණාත්මක ජීවිතය කෙරෙහි චීන ජනතාවගේ දැඩි අවශ්‍යතාව මෙයින් පිළිබිඹු වන බව විශේෂඥයෝ පෙන්වා දෙති.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති